දුගී භාවයෙන් රට නිදහස් කර ගැනීම, පසුගිය යුද සමයේ සිදුවූවා යැයි පැවසෙන මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇතිවූ අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණදීම, උසුලන්නට බැරි අධික ණය බරින් රට නිදහස් කර ගැනීම, ජාතික සංහිඳියාව ගොඩනැගීම යන කාර්යයන් සඳහා පසුගිය වසර දෙකහාමාර තුළ රජය කැපවීමෙන් කටයුතු කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග ඊයේ (23දා) පස්වරුවේ හමුවකට එක්වෙමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
නිව්යෝක් නුවර කුවින්ස් බෞද්ධ විහාරස්ථානය (Queens Temple) වෙත ගිය ගිය ජනාධිපතිවරයා එය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මෙම හමුවට එක් විය.
කුවින්ස් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නායක හිමිපාණන් වහන්සේ සිදු කරන ශාසනික සහ සමාජයීය මෙහෙවර අගයමින් උන්වහන්සේ වෙත ශ්‍රී ලංකා රජය විසින් පිරිනමන ලද උපහාර සන්නස් පත්‍රය පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු විය.