සී.සී. ධාරිතාව 1200ක් වන අධි බලැති යතුරු පැදියක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙයි. පසුගිය ආණ්ඩුව යටතේ බලවත් පුද්ගලයෙකුගේ පුතෙකු හරහා විසින් මෙම යතුරු පැදිය ශ්රී ලංකාවට ගෙන්වා ඇති බව වාර්තාවෙයි.කොලඹ කෙසෙල්වත්ත ප්රදේශයේ සඟවා තිබියදී මෙම යතුරු පැදිය පොලීසිය විසින් සොයාගෙන ඇති අතර එය පාතාල අපරාධ සඳහා යොදාගන්නට ඇතැයි සැකකෙරෙයි.
යතුරු පැදිය සොයාගත් ස්ථානයේ පුද්ගලයෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙවැනි අධි බලැති යතුරු පැදි ශ්රී ලංකාවේ මාර්ගයන්හි ධාවනය කිරීමට නීතිමය වශයෙන් අවසරයක් නොමැත.
ඩේලිමිරර් ඇසුරෙනි