කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර තිබූ මාර්ග කිහිපයක් අද (22දා) සිට පොදු වාහන සඳහා විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව සියලුම වාහන සඳහා බෞද්ධාලෝක මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ සිට තුම්මුල්ල හන්දිය දක්වා මාර්ගය විවෘත වෙයි. මෙම මාර්ගය මීට ඉහතදී බරවාහන සඳහා වසාතැබිණි.
එසේම ජනාධිපති මාවත, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, චැතම්වීදිය සහමුදලිගේ මාවතද සැහැල්ලුවාහන සඳහා විවෘත වෙයි. මෙම මාර්ගද මීට ඉහතදී සියලුම වාහන සඳහා වසාතැබිණි.