යුද සමයේ හමුදා පාලනය යටතේ උතුරේ තිබෙන අධි ආරක්ෂිත කළාප ලෙස තිබෙන අක්කර 6152ක භූමි භාගයෙන් අක්කර 1000ක් ඉඩම් හා දේපළ නිදහස් කර එය සාමන්‍ය ජනතාවට ලබා දෙන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
අද (12දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව එක්වෙමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
එම අක්කර 1000 තුළ ආදර්ශ ගම්මානයක් බිහිකරන බවද හෙතෙම කීවේය.