ජල ගැල්මෙන් විපතට පත්වූවන්ට පුද්ගලිකව ආහාර , ආධාර බෙදා හැරීමට උත්සාහ නොකරන ලෙස ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ආධාර පුද්ගලික බෙදා හැරීමේදී ඇතැම් ස්ථානවල දැඩි තදබදයක් ඇති වී තිබෙන අතර, සහන මෙහෙයුම් කළමනාකරණ දුෂ්කර වී ඇති බැවින් ආරක්ෂක අංශ මෙසේ ඉල්ලීම් කර ඇත.
එම ආධාර ආරක්ෂක සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යන මධ්‍යස්ථාන වෙත භාර දෙන ලෙසද මෙහෙයුම්වල නිරත නිලධාරිහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.