පාසල් පොත් බෑගයක් අතින් ගත් සිසුවා වෙනුවට ටැබ් පරිගණකයක් අතින් ගත් සිසුවෙකු පාසල වෙත පියනගන කාලය වැඩි ඈතක නොවන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, අද (19දා) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය තුළ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.
මේ සඳහා ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ සමස්ත පාසල් පද්ධතියේ සියලු පහසුකම් ඉහළ නැංවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව නවීන ලෝකය සමග ඉදිරියට යාමට අවශ්‍ය පරිදි ඉගෙනුම් ක්‍රියාකාරකම් සඳහා නවීන තාක්ෂණය හා මෙවලම් හඳුන්වාදී එවැනි පහසුකම් සෑම පාසලක් තුළම ඉදිකිරීමට තමන් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මේ අතර අධ්‍යාපන අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හඳුන්වාදෙන ලද නව වැඩසටහන් කිහිපයක් අද ආරම්භ කිරීම සිදුකෙරිණි.
01) මහජන සම්බන්ධතා කළමනාකරණ පද්ධතිය (Public Relation Management System) ස්ථාපිත කිරීම
මේ තුළින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය ලබාගැනීමට පැමිණෙන සේවාලාභීන්ට ඉතා කඩිනමින් තම සේවාව සැපයීම සහ මීට අමතරව http://edulk.info/requests වෙබ් අඩවියට හරහා තම ගැටලු අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකිරීමට ඕනෑම අයෙකුට හැකියාව පවතින අතර, ඉදිරිපත් කළ ගැටලුව සම්බන්ධ ඉදිරි සොයාබැලීම්ද සිදුකිරීමට අපේක්ෂා කිරීම.
02) හෙටට ඔබින අධ්‍යාපනයක් උදෙසා (Online forum) මාර්ගගත කතිකාවතක්
අධ්‍යාපනය සම්බන්ධ කතිකාවතක් ඇතිකිරීම හරහා මේ ක්ෂේත්රයේ උන්නතියට අවශ්‍ය පුද්ගලයන් සතු අදහස් ලබාගැනීම හා හුවමාරු කරගැනීම තුළින් එම අදහස් ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉවහල් කරගැනීම මෙහි අරමුණයි.
ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්රය හා සම්බන්ධ අධ්‍යාපනඥයන්ට විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධව උනන්දුවකින් පසුවන ඕනෑම අයෙකුට මෙම Online forum හරහා ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී කතිකාවතක නිරත වෙන්න අවස්ථාව උදාවෙයි. මේ සඳහා http://lankaeduforum.com ඔස්සේ සම්බන්ධ වීමට හැකිය.
03) සුහුරු පන්ති කාමර ආකෘතිය විදහා දැක්වෙන Digital learning experience centre
අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පිහිටුවා ඇති අනාගත පන්ති කාමරයක ආකෘතිය විදහා දැක්වෙන ආදර්ශ පන්ති කාමරයක අත්දැකීම ලබාගැනීමට හැකිවන පරිදි නිර්මාණය කර ඇති Digital learning experience centre ඩිජිටල් ඉගෙනුම් අත්දැකීම් මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ආරම්භ කෙරිණි.
මෙම ආදර්ශ සුහුරු පන්ති කාමරය Smart Class Room මගින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා නව තාක්ෂණය හා තාක්ෂණික මෙවලම් ඵලදායි ලෙස භාවිතා කිරීම පිළිබඳව ගුරු සිසු සියලු දෙනාට සජීවී අත්දැකීමක් ලබාගැනීමේ හැකියාව පවතී.
04) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පිවිසෙන ඕනෑම අයකුට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන free wi-fi කලාපයක්ද, මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පිවිසෙන ඕනෑම අයකුට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන free wi-fi කලාපයක් ද ඇති කර තිබේ.
මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.