ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
ලංකා ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ වැඩිම මුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 90 ක් මෙවර අයවැයෙන් වෙන්කළ බවත්, ඉන් වැඩිම මුදල් ප්‍රමාණය තොරතුරු තාක්ෂණයට වෙන් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේය.
2015 ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලියේ ත්‍යාග ප්රදානෝත්සවය ඊයේ (24දා) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්රරවණාගාරයේදී පැවැති අතර, එයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
එහිදී අදහස් දැක්වූ අමත්‍යවරයා "අපේ රටේ පරිගණක සාක්ෂරතාව තියෙන්නෙ 39%යි. ඉදිරියේදී මෙය වේගයෙන් වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. රටක් අනාගතය කරා ගමන් කරන විට අවශ්‍ය දැනුම ලබාගැනීමට, රැකියා අවස්ථා ලබාගැනීමට තොරතුරු තාක්ෂණය ඉතා වැදගත්.
ඉන්දියාව වගේ රටවල් මෙය සිය රටට විදේශ විනිමය ලබාගැනීමේ මාර්ගයක් ලෙස යොදාගන්නවා. නමුත් අපේ රටට වැඩිම ආදායමක් ගෙන එන්නේ ගෘහ සේවිකාවන්. අපි නව රජය විදිහට බලාපොරොත්තු වෙන්නේ පුහුණු ශ්‍රමිකයන් බිහිකර ඒ මාර්ගයෙන් තරුණ පරපුරත් ගොඩදාන ගමන් විදේශ විනිමයක් රටට ලබාගැනීමයි. ඒ සඳහා තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම ඇති තරුණ පරපුරක් අවශ්‍ය වෙනවා" යුනවෙන් කියා සිටියේය.
එළඹෙන ජනවාරි පළමුවැනිදා වනවිට ඒ සඳහා අවශ්‍ය සියලු සැලසුම් සකස් කර අවසන් කරන බවත්, ප්‍රමුඛතාව අනුව අරපිරිමැස්මෙන් මෙම මුදල් යොදවන බවත් ඔහු ප්‍රකාශ කළේය. අධ්‍යාපනය දියුණු කිරීමට භෞතික සම්පත් පමණක් ලබාදීම ප්‍රමාණවත් නොවන නිසා ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් මුදල් වෙන්කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd