නීතිවිරෝධී ලෙස බඳවාගත් අධ්‍යාපන අමාත්‍යාංශ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලබාදී තිබියදීත් එම නිලධාරියා තවදුරටත් සේවයේ යොදවා ගනිමින් සිටින බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
මේ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය මෙම නිලධාරියා මුදාහැර ඇති ආරක්ෂක ලේකම්වරයාගෙන් වහාම මෙම නිලධාරියා නැවත කැඳවාගන්නා ලෙසට ලිඛිතව ඉල්ලා සිටි බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
නීතිවිරෝධී ආකාරයට ක්‍රීඩා අධ්‍යක්ෂක තනතුරට පත්කළ පුද්ගලයා හමුදා නිලධාරියෙකු බවද පවසා සිටියේය.