පසුගිය දශක කිහිපය තුළ අය - වැය හරහා අධ්‍යාපනයට වෙන් කළ මුදලට වඩා වැඩි මුදලක් මෙවර අය - වැයෙන් වෙන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උත්සවයට එක්වෙමින් අද (12දා) ඔහු මෙම අදහස් දැක්වීය.
අධ්‍යාපන ක්ෂේත්රයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට නව රජය යටතේ සිදුකරමින් පවතින බවත්, රජය ලබාදෙන සම්පත්වලින් රටට වැඩදායි මෙන්ම ගුණවත් දරු පිරිසක් ගොඩනැගීමට කැපවීම විදුහල්පතිවරුන් ප්රමුඛ ආචාර්ය මණ්ඩලයේ වගකීම බවත් ජනපතිවරයා පැවැසීය.