අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා ලෙස සේවය කළ තිස්ස හේවාවිතාන මහතා (03) අද උදෑසන අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස රාජකාරි කටයුතු ආරම්භ කළේය. මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා ඇතුළුව අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන් හා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගුණපාල නානායක්කාර යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි වුහ.