තම රාජ්‍ය අමාත්‍යධුරය සම්බන්ධයෙන් එළැඹෙන 23දා තීරණයක් ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.
අමාත්‍යාංශය තුළ තමාට නිදහසේ වැඩ කිරීමට අවස්ථාවක් නොමැති බවත් මේ පිළිබදව අමාත්‍යවරයා සමග මෙන්ම ලේකම් සමග සාකච්ඡා කළත් විසඳුමක් නොලැබුණ බව ඔහු පවසයි.
“අවුරුදු දෙකක් අමාත්‍යාංශයේ වැඩ කළාට නිදහසේ වැඩ කිරීමට වාතාවරණයක් නෑ. ලංකාවේම බලබ බෙදා හැරීමක් ගැන කතා කළත් අමාත්‍යාංශය තුළ එවැනි තත්ත්වයක් නෑ.
අමාත්‍යතුමා සමග සාක්ච්ඡා කළත්, ලේකම් සමග සාකච්ඡා කළා කවුරුවත් උදව් කරන්නේ නෑ.
ආණ්ඩුව දාලා යන්නේ නෑ. තියෙන ආණ්ඩුව ගෙනාවේ අපි. ජනාධිපතිට කිව්වාම අගමැතිට කියන්න කියනවා. 23 වැනිදා සම්පූර්ණ කතාවක් (අධ්‍යාපන වැය ශිර්ෂ අයවැය විවාදයේදී) කරනවා. මට අසාධාරණයක් වෙලා තියෙනවා.”