ලෝක සාමූහික සමාජ වගකීම් සදහා වන (World CSR Day and CSR) සමුළුවේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමාජ සංවර්ධනය සඳහා වූ දායකත්වය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වී ඇත.
සමාජ සංවර්ධනය සඳහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබාදෙන්නා වු උපායමාර්ගික නායකත්වය සහ දායකත්වය මුලු ලොවට ම ආදර්ශයක් බවත්, විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ සිට සමාජය වෙනස් කිරීම වෙනුවෙන් අමාත්‍යවරයා සතු නායකත්වය අගය කරන බවත්, එම දැනුම සහ අත්දැකීම් සෙසු රටවල් සමග හුවමාරු කිරීම වැදගත් වන හෙයින් මෙම සමුළුව සඳහා අමාත්‍යවරයාට ආරාධනා කළ බව ලෝක සාමුහික සමාජ වගකීම සඳහා වන සමුළුවේ නිර්මාතෘ ආචාර්ය ආර් එල් භාතියා මහතා සඳහන් කර ඇත.
ඉන්දියාවේ මුම්බායිහි ටාජ් හෝටලයේ දී පැවති මෙම සමුළුවට ආසියානු සහ යුරෝපීය රටවල් 84ක නියෝජිතයින් එක්ව සිටියහ. තිරසර හා සමස්ත සංවර්ධනය සඳහා සමාජ වගකීම උදෙසා ආර්ථික වර්ධනය හා ව්‍යාපාර තිරසර සංවර්ධනය සඳහා සමාජ නවීකරණය, පිළිබඳ සිදුවිය යුතු සමාජ වෙනස්කිරීම් ආදී ක්ෂේත්රයන් සම්බන්ධව මෙම සමුළුවේ දී සාකච්ඡා කෙරුණු අතර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙම සමුළුව අමතා සාමූහික සමාජ වගකීම් හා තිරසර සංවර්ධන අරමුණු (CSR and Sustainable Goals) මැයෙන් විශේෂ දේශනයක් ද පවත්වනු ලැබීය.