සේවා ව්‍යවස්ථාවට පටහැනිව අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්යක්ෂධුරයට පත්කළ අධ්යක්ෂවරයා ඉවත් නොකළහොත් දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට යොමුවන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ කී‍්‍රඩා අධ්යක්ෂ තනතුර ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකු දැරිය යුතු තනතුරක් වුවත් එම තනතුරට අධ්‍යාපන පරිපාලන සේවයට හෝ අධ්‍යාපනයට සම්බන්ධ නොමැති හමුදා නිලධාරියෙකු පත්කර ඇතැයි එම වෘත්තීය සමිතිය පවසයි.
එය අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවත් දින 7 ක් ඇතුළත ඔහු එම තනතුරින් ඉවත් නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ගන්නා බව ගුරු විදුහල්පති වෘත්තීය එකමුතුව වැඩි දුරටත් පවසයි.