දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (10දා) සවස 02.00 පසු ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, නැගෙනහිර යන පළාත්වල මෙම වැසි බලාපොරොත්තු විය හැකිබව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශවල තද සුළං සමග අකුණු ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව මෙම මස 05දින සිට 15දින දක්වා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට ඍජුවම සූර්යයා ඉහළින් පවතින අතර ඒ අනුව අද දින දහවල් 12.11ට කල්පිටිය, කලා-ඔය, තලාව, තිරප්පනේ සහ කදිරවේලි යන ප්‍රදේශවලට ඉහළින් හිරු මුදුන්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.