අදත් බොහෝ ප්‍රදේශවලට වැසි
ලංකාව පුරා බොහෝ ස්ථානවල අද (13දා) සහ හෙට (14දා) ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එහෙත් යාපනය දිස්ත්‍රික්කයට වර්ෂාපතනය අඩුවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව අද (13දා) දිනය තුළදී බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ක් පමණ වූ තද වැසි ඇතිවිය හැකි බව කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ මලික් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
අකුණු සහිත වැසි ඇතිවනවිට තාවකාලිකව එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බවත් මේ නිසා අකුණු අනතුරු වළක්වා ගැනීමට ජනතාව කටයුතු කළයුතු බවද පවසා සිටියේය.
හෙට දිනයේදී මීට සාපේක්ෂව වැසි ඇතිවිය හැකි බවද සඳහන් කළේය.
ගාල්ලේ සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර‘දේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, සෙසු මුහුදු ප්‍ර‘දේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


