අද දිනයේදීත් දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරය.
බස්නාහිර, වයඹ, සබරගමුව,දකුණු, මධ්‍යම හා ඌව පළාත්වල හා අනුරාධපු දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි අපෙක්ෂා කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එසේම දෘෂ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී අද (15දා) දහවල් 12.10ට වඩුක්කෝඩෙයි, චුන්නාකම් හා අත්තනාන්ඩිතල් ප්‍ර දේශයන්ට හිරු මුදුන්ව පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.