දිවයිනේ බොහෝ පළාත්වලට අද (08දා) සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින ආශ්‍රිතව පැවති පහළ වායුගෝලයේ කැලඹිලි ස්වාභාවය මේ වන විට මේ වන විට දිවයිනට දකුණු දෙසින් පැවතීම හේතුවෙන් දකුණ, නැගෙනහිර හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මීට අමතරව අද දහවල් 12.11 ට මිනුවන්ගොඩ, කටුනායක මොරොන්තොට, ගම්පොළ, හඟුරන්කෙත, රඳලියගොඩ හා පිටකුඹුර යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.