අලුත්ගම සහ දර්ගා නගරවල සිදු වූ කලබලකාරී තත්ත්වයට විරෝධය පාමින් නැගෙනහිර ප්‍රදේශයේ කල්මුණේ, නින්දවූර්, අට්ඨාලචේන, අක්කරෙයිපත්තුව, වරිපතන්චේන යන ප්‍රදේශවල අද (19දා) හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීය.
මෙම විරෝධතාව හේතුවෙන් ප්‍රදේශයේ කඩසාප්පු වසාදමා තිබූ අතර, වාහන ගමනාගමනයද අඩාළ විය. පාසල් වසාදමා තිබූ අතර, රජයේ කාර්යාලද වසා දමා තිබිණි.
පෙරවරුවේ මධ්‍යම කඳවුර සහ කල්මුණේ ස්ථාන දෙකක ටයර් පුළුස්සා දමා තිබූ අතර, පොලීසිය විසින් එය ඉවත්කරනු ලැබීය. කල්මුණේ සිට මධ්‍යම කඳවුර දක්වා ධාවනය වූ බස් රථයකට නායිපට්ටිමුණේදී ගල්ගසා තිබෙන බවද වාර්තා වේ.
ප්‍රදේශයේ ආරක්ෂාව සදහා යුද හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇත.\