දිවයිනට දකුණු සහ බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් කොළඹ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බවත්, මෙහිදී සුළං වේගය ක්ෂණිකව පැ.කි.මි. 70-80 පමණ ඉහළ යෑමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.
එබැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් ඇති අතර, ධීවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් විමිසිලිමත්ව කටයුතු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
කොළඹ සිට ගාල්ල හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ගිණිකොණ දෙසින් වන ගැඹුරු මුහුදු ප්රදේශවලද තැනින් තැන වැසි ඇතිවන බවත් කාලගුණ දෙපාර්තමේනුතුව පවසයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර, සුළගේ වේගය පැ.කි.මි 20 -30ක් අතර වන බවත්, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මි 40-50ක් දක්වාත් ඉහළ යා හැකි බවත් ඔවුහු පවසති.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං පැ.කි.මි 70-80 දක්වා ඇති විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.