දිවයිනේ නැගෙනහිර‚ බස්නාහිර‚ දකුණ‚ මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් මඟින් සඳහන් කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ දැක්වේ.
විශේෂයෙන් ගිගිරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශවල තද සුළං සමඟ අකුණු කෙටීම් ද ඇති වන බවත් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.