දෘශ්‍ය ලෙස සූර්යා උතුරය ගමන් කිරීම නිසා අද (13දා) සහ හෙට (14දා) ලංකාවේ ස්ථාන 09කට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව අද (13දා) දිනයේදී තලේමන්නාරම, කන්නක්නඩි, තරිප්කුලම්, පෙරයමඩු ප්‍ර‘දේශවලට හිරු මුදුන් වේ.
මීට අමතරව හෙට (14දා) දිනය තුළදී කකරතිව්, මෙයිපලම්කුන්ඩු, පෙරයපරන්තන්, මුරුචිමුඩල ප්‍ර‘දේශවලට හිරුමුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
දින දෙක තුළම දහවල් 12.11ට හිරු මුදුන්ව පවතින බවත්, මෙම වේලාව තුළ ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාශංවලට ඍජුවම හිරු ඉහළින් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.