දිවයිනේ දකුණු අර්ධයේ අද (24දා) සිට වැසි තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර‚ සබරගමුව හා මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින්තැන සවස 02.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව එම නිවේදනයේ සඳහන් වේ.
විශේෂයෙන් ගිගිරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශවල තද සුළං ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.