නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ හා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය අද (06දා) සිට ඉදිරි දින කිහිපයේදී වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව යාපනය, මන්නාරම, මුලතිව්, වව්නියාව, මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, මොනරාගල, කුරුණෑගල, පුත්තලම, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්වල වරින් වර පැ.කි.මී. 60-70 ක ප්‍රහාරාත්මක සුළං අපේක්ෂා කෙරේ.
එමෙන්ම කොළඹ සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.