බොහෝ ප්‍රදේශවල අද(19දා) සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට තරමක් තදවැසි (මි.මී. 75 ටවැඩි)ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවීමට ඉඩ ඇති බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.