දිවයිනේ බොහෝ පළාත්වල අද (14 දා) රාත්‍රියේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
හෙට දිනයේදී ද දිවයිනේ උතුරු‚ උතුරු මැද‚ නැගෙනහිර‚ ඌව සහ වයඹ පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිතවත් වැසි ඇති වන බවත් සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
විශේෂයෙන් ගිගුරුම් සහිත වැසි සමග තද සුළං හා අකුණු කෙටීම් ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.