දශක ගණනාවකට පසුව ප්‍රථම වරට සුපිරි චන්ද්‍රයෙකු සහ පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් එකවර දැකගැනීමේ දුර්ලභ අවස්ථාව අද රාත්රියේදී පෘථිවි වාසීන්ට හිමිවීමට නියමිතව තිබේ.
ඒ අනුව උතුරු සහ දකුණු ඇමෙරිකානු, යුරෝපා, අප්‍රිකානු සහ බටහිර ආසියාවේ කොටසකට සහ නැගෙනහිර පැසිපික් කලාපයට මෙය වඩාත් හොඳින් දර්ශනය වන බව පැවසේ.
මෙහිදී සුපිරි චන්ද්‍රයා ඇතිවීම සඳහා චන්ද්‍රයා පෘථිවිය වෙත කිලෝමීටර් 50,000 කින් ළං වෙයි. ඒ අනුව එම චන්ද්‍රයා සාමාන්‍ය චන්ද්‍රයාට වඩා 30෴ කින් ආලෝකවත් අතර 14 ගුණයක් විශාලත්වයෙන් යුක්තව දැකගත හැකිය.
එසේම පෘථිවිය සූර්යයාත්, චන්ද්‍රයාත් අතරට පැමිණීමෙන් පූර්ණ චන්ද්‍රග්‍රහණය හට ගනී. මෙහිදී චන්ද්‍රයා රතු පැහැයට හැරෙන අතර එය %රක්ත චන්ද්‍රයා^ ලෙසද හැඳන්වෙයි.
යළිත් මෙවැනි දුර්ලභ අවස්ථා දෙකක් එකවර ඇති වන්නේ 2033 වසරේදීය.