දිවයිනේ බොහෝ පළාත්වල විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, ඇතැම් ස්ථානවලට තද (මිමි 100 ආසන්න ) වැසි ඇතිවීමටද ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි බලාපොරොත්තු විය හැකි බවද පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.