මැයි දින සැමරුම් පවත්වන්නේ මැයි 07 වන දින බවට රජය තීරණය කර තිබියදී, අද (1දා) දිනයේදී පැවැත්වෙන සැමරුම්වලට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
අද (1දා) දිනය තුළ මැයි දින සැමරුම් පැවැත්වීම තහනම් කර නොමැති නිසා වෘත්තීය සමිති කිහිපයක් එක්ව සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැයි දින පෙළපාළි පැවැත්වීමට තීරණය කර තිබෙන බවද එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.
මැයි දින සැමරුම්වලට පොලිස් ආරක්ෂාව ලබාදීම හා මාර්ග ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යෙදවීම අනිවාර්ය කටයුත්තක් බවද එම නිලධාරියා සඳහන් කළේය.
එහෙත් මැයි දින සැමරුම් රැලි 07 වන දින පැවැත්විය යුතු බවට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී අද (1දා) දිනය තුළ මැයි රැලි පවත්වන ස්ථානවලට ආරක්ෂාව සැපයීම හා ඒ වෙනුවෙන් රථවාහන රාජකාරියට පොලිස් නිලධාරීන් යෙදවීම දැඩි ගැටලුකාරී තත්ත්වයක්බවද හෙතෙම කියා සිටියේය.මේ නිසා මාර්ගවල ඇතිවන අවහිරතාවයන් වළක්වා ගැනීම ගැටලුකාරී වන බවද එම නිලධාරියා පෙන්වා දෙයි.