පෘථිවි භ්‍රමණය මන්දගාමී වීමට සමගාමීව සුප්‍රකට බිග්බෙන් ඔරලෝසුවේ වේලාව තත්ත්පරයකින් ඉදිරියට ගැනීම අද (30දා) මධ්‍යම රාත්රියේදී සිදුවීමට නියමිතය.
ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 11.59 පසුවී තත්ත්පර 61 ට හෙට (ජූලි 01 වැනිදා) දිනයේ උදාව සිදුවෙයි.
සූර්යයාගේ හා චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණයෙන් පෘථිවි භ්‍රමණයට ඇතිකර තිබෙන බලපෑම සලකා බලමින් මෙසේ වෙලාව වෙනස් කරන ලෙස නාසා ආයතනය කලින් තීරණය කර තිබූ අතර, ඒ අනුව යමින් බ්‍රිතාන්‍යයේ සුප්‍රකට බිග්බෙන් ඔරලෝසුවේ වේලාව තත්ත්පරයකින් වෙනස් කිරීම අද මධ්‍යම රාත්රියේදී සිදුකිරීමට නියමිතය. මෙම තත්ත්පරයක වෙනස 'අධික තත්ත්පරයක්' යනුවෙන්ද හැඳින්වෙයි.