(UPDATE) අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා හා පැවැති සාකච්ඡාවකින් පසුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව නැවැත්වූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.
අද මධ්‍යම රාත්‍රියේ දුම්රිය වර්ජනයක්
ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා අද (20දා) මධ්‍යම රාත්‍රී 12 සිට දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කිරීම ස්ථිර බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සඳහන් කරයි.
ඉල්ලීම් 3ක් මුල්කර ගනිමින් සිදුකරන මෙම වර්ජන ක්‍රියාවලියට දුම්රිය නියාමකයන්ගේ සංගයමද සහයෝගය දක්වන බවට පොරොන්දු වී තිබෙන බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.