රාජිත සේනාරත්න,මහින්ද සමරසිංහ වැනි ඇමතිවරුන් විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විහිලුවට ලක්කරමින් කතාකරන බව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (18දා) පැවසීය.
ඔවුන් විසින් ජනාධිපතිවරයාගේ ඔළුව අතගා ටොකු අනිමින් සිටින බවද රාජපක්ෂ මහතා කීවේය.
කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ අද සවස පැවති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මහජන රැලිය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.