අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශන කණ්ඩායම් මේ සතියේදී පත්කරයි?
අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිත කණ්ඩායම් 4 මේ සතිය තුළ පත්කිරීමට නියමිත බව වාර්තාවේ.
කණ්ඩායම්වලට අදාළ තොරතුරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත ලබාදී ඇති බව එම කොමිසමේ සභාපති මැක්ස්වල් පරණගම මහතා පැවසීය. ඒ අනුව අදාළ පත් කිරීම් ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට නියමිතය.
කොමිසම මඟින් ජනාධිපතිවරයා වෙත අතුරු වාර්තාවක් පසුගියදා ලබා දුන් අතර එම වාර්තාව මඟින් අදාළ පරීක්ෂණ කණ්ඩායම් පත්කළ යුතු බවට නිර්දේශ කර තිබුණි.
කණ්ඩායම් 4ක් පත්කළ යුතු බවත් ඒ සඳහා සිවු දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නම් කළ යුතු බවත් එම කොමිසම ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.
ඒ අනුව ජනාධිපතිවරයා මේ සතිය තුළ අදාළ කණ්ඩායම් පත්කරනු ඇති බවට විශ්වාසය පළකරන බව මැක්ස්වල් පරණගම මහතා සඳහන් කළේය.
අදාළ විමර්ශන කණ්ඩායම් විසින් පැමිණිලි 16,000ක් පමණ විමර්ශනය කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

