පසුගිය ආණ්ඩුව පැවති සමයේදී අතුරුදන් වූ බවට සැලකෙන මුලතිව් හා මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයන් 11 දෙනෙකුගේ ඥාතීන් පිරිසක් නීතිය හා සමාය පිළිබඳ අමාත්‍යාංශයට පැමිණ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (29දා) පෙරවරුවේ මුණගැසුණි.
අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබුණු වැලිකඩ බන්ධනාගාරයේ සහ බුස්ස රැඳවුම් මධ්‍යස්ථානයේ තම ඥාතීන් සිටින බවට සැකකරන බව පැමිණි පිරිස් ඇමතිවරයාට කියා සිටියහ. ඒ අනුව එම බන්ධානාගාර වෙත ගොස් තමන්ගේ ඥාතීන් පිළිබඳව සොයා බැලීමට අවස්ථාව සලසන බව ඇමතිවරයා පවසා සිටියේය.
මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ වඩිවේල් සුරේෂ් ඇතුළු මන්ත්‍රීවරුන්ද එක්වූහ.