උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදු වූ බව කියන පුද්ගල අතුරුදන් වීම් පිළිබඳව විමර්ශණ කරනු පිණිස පත්කර ඇති ජනාධිපති කොමිසමේ කාලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2014 අගෝස්තු මස 12 වැනිදා දක්වා මාස 6කින් දීර්ඝ කර තිබේ.
රටේ සියලු ප්‍රදේශවලින් කොමිසම වෙත මේ දක්වා පැමිණිලි 16,000ක් පමණ ලැබී ඇති අතර, යාපනය දිස්ත්‍රික්කයේ මහජනයාගෙන් විවෘතව කරුණු විමසීමේ ප්‍රථම වටය පෙබරවාරි 17 වැනිදා අවසන් විය. ජනවාරි 18 සිට 21 දක්වා කාලය තුළ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරුණු විමසීම් සිදු කෙරිණි.
1990 ජූනි 19 වැනිදා සිට 2009 මැයි 19 වැනිදා දක්වා කාල පරිච්ඡේදය ඇතුළත සිදු වූ බව කියන පුද්ගල පැහැරගැනීම් සහ අතුරුදන්වීම් පිළිබඳව සොයා බලා වාර්තා කිරීම කොමිසමට පැවරී තිබේ. මැක්ස්වෙල් පරාක්‍රම පරණගම මහතා (සභාපති), ප්‍රියන්ත සුරන්ජනා විද්‍යාරත්න මහත්මිය සහ මනෝ රාමනාදන් මහත්මිය ත්‍රිපුද්ගල කොමිසමේ සාමාජිකයෝ වෙති.
අතුරුදන්වූවන් පිළිබඳ කොමිසමේ කාර්යභාරය උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ (LLRC) 9.51 නිර්දේශය අනුව සකස් වී තිබේ.