යුද සමයේදී අතුරුදන්වූ හා පැහැරගත් තම ඥාතීන් සොයා දෙන ලෙසත් එයට සම්බන්ධ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නව රජයෙන් ඉල්ලා සිටීමේ උද්ඝෝෂණයක් අද (03දා) ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාව ඉදිරිපිටදී හා වව්නියාව නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
ත්‍රිකුණාමලය හා වව්නියා දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක අතුරුදන් වූවන්ගේ හා සිවිල් සංවිධාන විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කරන ලදී.
අතුරුදන්වූ හා පැහැරගත් තම ඥාතීන්ගේ ඡායාරූප හා සටන්පාඨ පුවරු ප්‍රදර්ශන කරමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.
දෙමළ ජාතික සංවිධානය නියෝජනය කරමින් මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජේ.ජනාර්ථන්, එන්.නාගේෂ්වරන්, ත්‍රිකුණාමලය නගරාධිපති කේ. සෙල්ව රාජා යන මහත්වරු සහභාගි වූහ.
ත්‍රිකුණාමලය - චමෝද්‍යා අමරජිව/ වව්නියාව මදුෂංක අමරසිංහ