යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන් 40,000ක් ඝාතනය කළ බවට එල්ල වන චෝදනාව මිත්‍යාවක් බව අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව පවසයි.
ඒ එම කොමිෂන් සභාව දෙවන වර විමර්ශනයේදී හෙළි වූ කරුණු මාධ්‍යට නිකුත් කරමින් මේ බව අවධාරණය කර තිබේ.
එම චෝදනා ඇතුළත් කරමින් දරුස්මන් වාර්තාව ද නොමග යැවිමක් කර ඇති බව ජනාධිපති කොමිෂණ් සභාව පවසයි.
කොමිෂන් සභාව තවදුරටත් පවසන්නේ ශ්‍රී ලංකා හමුදාව විසින් යුදමය ආයුධයක් ලෙස සිවිල් වැසියන් සාගින්නෙන් පෙළීමට සැලැස්වීම යන චෝදනාවත් අනවශ්‍ය ලෙස විදහා දැක්වීමක් බව ය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද මුක්ත කලාපයක් පිළිනොගත් නිසා ශ්‍රී ලංකා හමුදාව මුදානොගත් ප්‍රදේශවලට ෂෙල් ප්‍රහාර එල්ල කළ බව කියන චෝදනාව ද අසමත්භාවයක් ගන්නා බව අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.