අතුරුදන්වුවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අතුරු වාර්තාව 18දා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීමට නියමිතය. අදාළ වාර්තාව සකස් කිරීමේ අවසන් අදියරට පැමිණ ඇති බව අතුරුදන්වුවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා සඳහන් කරයි.