අතුරුදන් වූවන් පිළිබදව පත්කළ ජනාධිපති කොමිසම මේ වනවිට උතුරු හා නැගෙනහිර අතුරුදන් පුද්ගලයන් පිළිබඳ පැමිණිලි 2,000 ක් විමර්ශනය කර අවසන් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබූ එම කොමිසම වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා යටතේද අඛණ්ඩව සිය විමර්ශන පවත්වාගෙන යන බව අතුරුදන් වූවන් පිළිබඳ පත්කළ ජනාධිපති කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා 'අද' ට පැවසීය.
අතුරුදන් වූ පුද්ගලයන් වෙනුවෙන් උපදේශන සේවාවක් ක්රියාත්මක කළයුතු යැයි හිටපු ජනාධිපතිවරයාට සිය කොමිසම යෝජනා කළද, එය ක්රියාත්මක කිරීමට නොහැකි වූ බවත්, වත්මන් ජනාධිපතිවරයා වෙත නැවතත් එම යෝජනාවලිය ඉදිරිපත් කිරීමට ක්රියාකරන බවත් හෙතෙම වැඩිදුරටත් ප්රකාශ කළේය.
අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කරන අතරතුර තවදුරටත් පැමිණිලි භාරගැනීම සිය කොමිසම විසින් සිදුකරනු ලබන බවද මැක්ස්වෙල් පරණගම මහතා කීය.