හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අවධානය යොමු කරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ තරුණ කටයුතු ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අද (06දා) නාරාහේන්පිට අතුරුදන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
රුපියල් බිලියන ගණනක් වංචා කර රටේ ආර්ථිකය බරපතළ ලෙස බිඳ දැමූ, ජාත්‍යන්තරය ඉදිරියේ රටේ ආර්ථික ප්‍රතිරූපයට බරපතළ ලෙස හානි පැමිණ වූ ආර්ථික ඝාතකයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අවධානය යොමු කර ඔහු ගැන නිවැරදි තොරතුරු රටට අනාවරණය කළයුතු බව එහිදී ලේකම්වරයා පැවසීය.
මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමයේ තරුණ අංශය වන විජයබා පරපුරේ සාමාජිකයන් පිරිසක් එක්ව සිටියහ.