අතුරුදන් වූ ඥාතීන් ඉල්ලා විරෝධතාවක්
- 26 06 2016
- 11:08
- {{hitsCtrl.values.hits}} views
- වවුනියා මධුසංක අමරසිංහ
යුද්ධය පැවති අවසන් කාලවකවානුවේදී අතුරුදන් වූ තම ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලමින් 25දා දහවල් වවුනියාව බස්නැවතුම්පළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විණ.
මෙම උද්ඝෝෂණය සංවිධානයකොට තිබුණේ යුද්ධයෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතී සංගමයයි. එම සංගමයේ ප්රධාන සංවිධායිකා පී.ජෙයවනිතා කියා සිටියේය.
යුද්ධය හේතුවෙන් අතුරුදන් වූ සිය ඥාතීන් මේ දක්වා සිය නිවෙස්වලට නොපැමිණි හෙයින් වහාම ඔවුන් සොයාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක්කොට සිටින බව ඔවුන් පැවසීය. වත්මන් රජය බලයට පත්කිරීමට දෙමළ වැසියන් ඉදිරිපත් වූයේ මෙම ප්රශ්නවලට විසඳුම් සොයා ගැනීම පිණිස බවත්, මේ වන තෙක් සිය අතුරුදන් වූ ඥාතීන් සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් හෝ නොලැබීම මත වත්මන් රජය කෙරෙහි තැබූ විශ්වාසයන් නැති වී යන යන බවද ඇය පැවසුවාය.
(වවුනියාව මධුෂංඛ අමරසිංහ)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
