උතුරු නැගෙනහිර පෙදෙස්හි අතුරුදන්වී ඇති පුද්ගලයින් වෙනුවෙන් ''නුදුටු සහතිකයක්''නිකුත්කිරීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
මෙම ''නොදුටු සහතිකය'' ලබදීම මගින් එම තැනැත්තන්ට අයිතිවාසිකම් රැසක් ලැබෙන බවත් රාජ්‍ය සේවකයෙකු නම් විශාම වැටුප පවා ලබාගැනීමට හැකි බවද හෙතෙම පැවසුයේ ඊයේ(12) පාර්ලිමේන්තුවේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අතුරුදහන් වූ දෙමළ ජනතවට මරණ සහතික ලබාදීම සම්බන්ධයෙන් ගෙනා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.