පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය 8 වැනිදා අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානයේ විය හැකි බවට සැක කෙරෙන කොටස් දෙකක් නිරීක්ෂණය කර ඇති බව ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබ්බොට් පවසයි.
අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ චන්ද්‍රිකා ඡායාරූප මගින් එම කොටස් දෙක හඳුනාගත් බවයි.
ඔස්ට්‍රේලියාවට අයත් නෞකාද දකුණුදිග ඉන්දියානු සාගර කලාපයේ අතුරුදන් යානය සොයා සතියකට වඩා වැඩි කාලය සිට සෝදිසි මෙහෙයුම්වල නිරත වෙයි.
කෙසේ වෙතත් අදාල ප්‍රදේශය වෙත මේ වනවිටත් ගුවන් යානා පිටත් කර හැර ඇති බවද එරට පාර්ලිමේන්තුව අමතමින් අගමැතිවරයා පවසා ඇත.