අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමට ලැබුණු පැමිණිලි 10,000 ක් (දසදහසක්) මෙතෙක් විසඳා නොමැති බවත්, මෙතෙක් විසඳා තිබෙන පැමිණිලි පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කිරීම සඳහා විමර්ශන කණ්ඩායමක් පත් කළ බවත් අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළේය.
කොමිසමේ නිල කාලය ලබන වසරේ පෙබරවාරි 15 වැනි දින දක්වා දීර්ඝ කර තිබෙන බවත්, මීට අමතරව අලුතින් කොමසාරිස්වරුන් දෙදෙනෙකු පත්කර තිබෙන නිසා ලබන වසරේ පෙබරවාරි මාසය වන විට මෙම පැමි‘ණිලි දසදහසට අධික ප්රමාණය විමර්ශනය කිරීමට හැකිවන බවත් පවසා සිටියේය.
දැනට විමර්ශනය කර තිබෙනා පැමිණිලි පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත විශ්රාම ගිය විනිසුරුවරයෙකු සහ විශ්රාම ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පත්කළ බවද මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළේය.