(UPDATE) 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දක්වන පාගමන පාර්ලිමේන්තු වටරවුමෙන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිටියි. පාර්ලිමේන්තු වටරවුමේ යෝදා තිබූ බාධක ඉවත්කරමින් ඔවුන් පාර්ලිමේන්තුව දෙසට ගමන් ගත්තේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා සියලු මන්ත්‍රීවරුන්ට බලකෙරෙන පාගමනක් හේතුවෙන් අතරුගිරිය - බත්තරමුල්ල මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතී. ජාතික සංවිධාන එකමුතුව විසින් මෙම පාගමන සංවිධානය කොට තිබේ.