කාව්‍ය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජංගම දුරකථන මෘදුකාංගය (Mobile App) මහාචාර්ය විනී විතාරණ මහතා විසින් එළිදක්වන ලදී.
කාව්‍ය පිළිබඳ මෙම ජංගම දුරකථන මෘදුකාංගය Sinhala Poets යනුවෙන් නම් කර තිබේ.
ශ්‍රී ලාංකාවේ ශ්‍රේෂ්ඨ කවීන්ගේ කාව්‍ය තුළ ඇති සාහිත්‍ය රසය වර්තමාන පරම්පරාව වෙත පහසුවෙන් ළඟා කරවීම මෙය නිර්මාණය කිරීමේ අභිලාෂය වී තිබේ.
මෙය ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ විධායක අධ්යක්ෂ අසංග අබේගුණසේකර මහතා විසින් නිර්මාණය කරන ලද්දකි.