පාරම්පරික ජන ගී, ආහාර වර්ග, සිරිත් විරිත් හා ජන නැටුම්, ජනකතා පිළිබඳ ශ්‍රව්‍ය දෘශ්‍ය වාර්තා එක් රැස් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ.
දිස්ත්‍රික්කවලට ආවේණික පාරම්පරික උරුමයන් පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරයා සහ සංස්කෘතික නිලධාරියා එක්ව මෙම වාර්තාව සකස් කළ යුතු වන අතර, ඒ සඳහා අවශ්‍ය සැලැස්ම සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් ලබාදී ඇත.
අදාළ සැලැස්ම සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් හා සංස්කෘතික අධ්යක්ෂවරයා සමග එක්ව සකස් කරන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමන් ඒකනායක මහතාට උපදෙස් ලබාදී තිබේ.