විශ්වවිද්‍යාලවල සහ මත්ස්‍යයන් පිළිබඳ හදාරන්නන්ගේ ජෛව විද්‍යාගාරයක් බවට පත්ව තිබෙන පාලින්ද නුවර අත්වැල්තොට දියඇල්ල කුඩා විදුලි බලාගාරයක් තැනීමට ලබාදීමට සැලසුම්කර තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
මේ නිසා දියඇල්ල ආශ්‍රිතව ජීවත්වන මත්ස්‍ය විශේෂ 25කට අධික ප්‍රමාණයකට සහ ජලජ ශාක රාශියකට දැඩි බලපෑම් එල්ල වන බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය විසින් එක්දිනක් තුළ සිදුකළ අධ්‍යයනයකට අනුව මෙම මත්ස්‍ය විශේෂ 25 තුළ ලෝකයෙන්ම මෙම ස්ථානයට පමණක් සීමාවූ මාටින්ස්ටයින් වැලිගොව්වා හා කළුවරල් හල්මල්දණ්ඩියා නමැති විශේෂ සොයාගෙන තිබෙන බවද පවසා සිටියේය.
මීට අමතරව වඳවී යාමේ අවදානමකට ලක්වූ එක් විශේෂයක්, තර්ජිත විශේෂයක් සහ අවදානම් විශේෂ 09කුත් සොයාගෙන තිබෙන බවද විධායක අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සහෝදරයෙකු විසින් මෙම බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත්, ඒ තුළින් ලබාගැනීමට නියමිත මෙගා වොට් ගණන එකක් බවද පවසා සිටියේය.
එහෙත් සූර්යකෝෂ කිහිපයක් වහලක සවිකිරීම තුළින් වුවද මෙම විදුලි ප්‍රමාණය නිෂ්පාදනය කළ හැකි බවද විතානගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.