අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන පන්තියට බඳවාගත් පිරිස්, පවතින පුරප්පාඩුවලට යොමු නොකර බහුතර පිරිසක් බස්නාහිර පළාත තුළ පිහිටි පාසල්වල සේවයට යොදවා සිටින බව අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීහු සඳහන් කරති.
සීමිත තරග විභාගය යටතේ නිලධාරීන් 305ක් බඳවා ගෙන සිටින බවත්, විවෘත තරග විභාගය යටතේ 198 දෙනෙකු බඳවා ගෙන සිටින බවත් එම පිරිස් පෙන්වා දෙති.
මෙම පිරිස් සඳහා යම් අත්දැකීම් ප්‍රමාණයක් ලබාදීමට දුෂ්කර ප්‍රදේශවල සේවයට යෙදිය යුතු බවත්, මීට අමතරව දුෂ්කර ප්‍රදේශවල පවතින පුරප්පාඩු සඳහා ඔවුන්ව යොමුකළ යුතුව තිබූ බවත් එම පිරිස් සඳහන් කරති.
එම ක්‍රමවේදය භාවිතා කරන ලැබුවේ නම් වසර ගණනාවක සිට දුෂ්කර ප්‍රදේශවල සේවය කරන නිලධාරීන්ට තම මාරුවීම සකස් කරගැනීමට හැකියාව තිබූ බවද එම පිරිස් පෙන්වා දෙති.
එහෙත් බහුතර නිලධාරීන් ප්‍රමාණයකට අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව හා කොළඹ හා අවට ප්‍රදේශවල ජනප්‍රිය හා ජාතික පාසල්වල නියෝජ්‍ය හෝ සහකාර විදුහල්පති තනතුරු ලබාදී තිබෙන බවද පරිපාලන සේවා නිලධාරීහු සඳහන් කරති.
එහෙත් බස්නාහිර පළාතෙන් පිට පළාත්වල පළාත් අධ්‍යාපන කාර්යාල කොට්ඨාස හා කලාප කාර්යාල තුළ අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තිබෙන බවද එම පිරිස් පෙන්වා දෙති.