අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යෑමත් සමග මේ වනවට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව මීගමුව, ජා ඇළ , කටාන, මිනුවන්ගොඩ, ගම්පහ සහ අත්තනගල්ල ප්‍රදේශවල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙස එම මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි.