අත්අඩංගුවට පත් ව ඇති ඉන්දීය ධීවර යාත්‍රා ඒවා අත් අඩංගුවට ගන්නා ලද පිළිවෙළ අනුව හා කොන්දේසි කිහිපයක් මත නිදහස් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඊයේ (15දා) පස්වරුවේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ධීවර උපදේශක සභාවේ රැස්වීම පැවැති අතර ඊට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වී බොටම් ට්‍රෝලින් ධීවර කර්මාන්තයේ යෙදීම නිසා මේ වනවිට ඉන්දීය ධීවර යාත්‍රා 140කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවේ පවතී.